Thursday, September 19, 2024

General line - 0115112241

සයිටම් ගැන ජනාධිපති හා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ප්‍රදානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්




මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් හා සියලූම වෛද්‍ය පීඨාධිපතිවරුන් ද ඊට සහභාගී වනු ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් කිසිදු ඵලදායි ප‍්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකි බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. 

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව ප‍්‍රකාශ කළේ අද පැවැත්වෙන සාකච්ඡාවෙන් ජනතාව අපේක්ෂා කරන කිසිදු තීරණයක් නොලැබෙනු ඇති බවයි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව ද පවසන්නේ සයිටම් ගැටළුවට කඩිනම් විසඳුමක් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි.

මාලඹේ වෛද්‍ය විද්‍යාලීය දෙමව්පිය සංසදය පොලිස්පතිවරයාට අද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද සූදානම් වනවා. 

ඒ, මාළඹේ සයිටම් ආයතනය හොර උපාධි කඩයක් බව පවසමින් රෝහල් තුළ සහ රජයේ ආයතනවල ප‍්‍රදර්ශනය කර ඇති බැනර් ඉවත් කරන ලෙසට ඉල්ලමින්. 

මේ අතර රජයේ පාර්ශවයෙන් ගැටළුවට විසඳුමක් නොලැබෙන්නේ නම් යළි කොළඹට පැමිණ උද්ඝෝෂණ සිදු කරන බව සයිටම් විරෝධි පාර්ශව පවසන්නේ.