Friday, September 20, 2024

General line - 0115112241

නීතිවිරෝධී දුම්වැටි දස දහසක් සමග කාන්තාවක් අත්අඩංගුවට




නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි දස දහසක් සමග කාන්තාවක් වලස්මුල්ල නගරයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මාතර - හම්බන්තොට දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සිට බස් රථයකින් එම දුම්වැටි තොගය ප‍්‍රවාහනය කරමින් සිටියදීයි. 

අත්අඩංගුවට ගැණුනු කාන්තාවගේ ස්වාමි පුරුෂයාද නීතිවිරෝධී දුම්වැටි විකිණීමේ චෝදනාව යටතේ මීට පෙර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

වීරකැටිය, යක්ගස්මුල්ල ප‍්‍රදේශයේ නිවසක් කුළියට ගෙන රැදී සිටිමින් මෙම අඹුසැමි යුවල නීතිවිරෝධී දුම්වැටි ජාවාරමේ නිරත වී ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා.