Friday, September 20, 2024

General line - 0115112241

මීගමුව - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට





මීගමුව - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ඩිපෝ හංදිය අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. 

කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක්, ඉදිරියෙන් ගමන් ගත් පාපැදියක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි මීගමුව පොලීසිය පැවසුවේ. 

අනතුරෙන් මියගොස් ඇත්තේ මදුරක්කුලිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.