Friday, September 20, 2024

General line - 0115112241

එච් අයි වී ආසාධිත මවගේ දරුවාට අසාධාරණයක් කිරීමට අපිට වුවමනා නෑ - අපිට ඕන වුණේ දරුවගේ පුද්ගලිකත්වය සුරකින්න




සිය පාසලේ ඉගෙනුම ලබන එච් අයි වී ආසාධිත මවගේ දරුවාට අසාධාරණයක්වීමට ඉඩ නොතබන බව ගණේමුල්ල කුඩාබොල්ලත කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඞී ජී කොතලාවල පවසනවා. 

අදාළ මවගේ දරුවාට පාසල් නොපැමිණෙන ලෙස දන්වා ඇති බවට මාධ්‍ය මගින් තොරතුරු හෙළි කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා නෙත් නිවුස් කුඩාබොල්ලත කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. එහිදී විදුහල්පතිවරයා ප‍්‍රතිචාර දැක්වුයේ මෙලෙසයි.

අදාළ ගැටලූව විසදීමට පොසිටිව් වුමන්ස් ආයතනයද ඉදිරිපත් වි සිටිනවා. 

එහි සභාපතිනි පි‍්‍රන්සි මංගලිකා පැවසුවේ මෙවැනි දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්‍ෂා කිරීම සියලූ දෙනාගේ වගකීමක් වන බවයි.