Friday, September 20, 2024

General line - 0115112241

එජාපයට නියෝජ්‍ය නායකවරු තිදෙනෙක් පත් කිරීමේ සූදානමක්




එක්සත් ජාතික පක්‍ෂයට නියෝජ්‍ය නායකයෙකු පත්කිරීම සම්බන්ධයෙන් යළි කතාබහක් ඇති වී තිබෙනවා. 

දේශපාලන ආරංචිමාර්ග කියාසිටියේ පක්‍ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් සතියේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි. 

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයට නියෝජ්‍ය නායකවරුන් තිදෙනෙකු පත්කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් තවත් සාකච්ඡුාවක් ලබන සතියේදී පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කළේ. 

රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක ධුරය දරන සමයේදී එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණා. 

කෙසේවෙතත් යහපාලන ආණ්ඩුව පිහිටුවා රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු නියෝජ්‍ය නායක ධුරය සම්බන්ධයෙන් කතාබහක් ඇති වූ පළමු අවස්ථාව මෙයයි.