Friday, September 20, 2024

General line - 0115112241

නැගෙනහිරින් ඩෙංගු රකුසාට තවත් බිල්ලක් - මදුරු මර්දන බලකායක් කින්නියාවට




ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා බදවා ගත් මදුරු මර්දන සහායකයින් පන්සිය දෙනෙකු පුහුණුවෙන් පසු ක්‍ෂේත‍්‍ර රාජකාරී සදහා අනියුක්ත කිරීම අද (18) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ පැවති උත්සවයකදීයි. 

මෙහිදි විසිර ගිය මදුරු මර්දන සහායකයන් පන්සිය දෙනාගෙන් සිය දෙනෙකු ති‍්‍රකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ මදුරු මර්දන කටයුතු සදහා යෙදවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උත්සවය අමතමින් සදහන් කළා. 

එම පිරිස ලබන සදුදා සිට රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි. 

මේ අතර ඩෙංගු උණ හේතුවෙන් මඩකලපුව කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පාසල් සිසුවියක් අද ජීවිතක්‍ෂයට පත් වුණා. 

ඒ, මඩකලපුව ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදියි. මෙලෙස මියගොස් ඇත්තේ කාත්තන්කුඩි නුරානියා විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක්. 

එම දැරිය ප‍්‍රතිකාර සදහා මඩකලපුව ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරුණේ ඊයේ දිනයේදීයි.