Friday, September 20, 2024

General line - 0115112241

විමල් ගැන වෛද්‍යවරුන් දැඩි අවධානයෙන් - ලේ සාම්පල් පරීක්ෂාවත් පිටතින්




වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තවදුරටත් නිරන්තර දැඩි අවධානයකින් පසුවනවා. 

බන්ධනාගාර රෝහලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ රෝහලට ඇතුළත් කළ මොහොතේ සිට වෛද්‍යවරුන් මන්ත‍්‍රීවරයා පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කරන බවයි. 

විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ රුධිර සාම්පල පරීක්ෂාවක් පිටතින් සිදු කරන ලෙසට ද වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

මන්ත‍්‍රීවරයා වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළේ ඊයේ උදෑසනයි. 

කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා ක‍්‍රම ක‍්‍රමයෙන් සුව අතට පත් වෙමින් ඇති බවටයි වෛද්‍යවරුන් ප‍්‍රකාශ කළේ. 

වෛද්‍ය නිර්දේශ මත ඔහු මේ වනවිට දියර වර්ග පානය කරමින් සිටිනවා. 

මේ අතර මන්ත‍්‍රීවරයාට බන්ධනාගාර රෝහල තුළ විශේෂ ආරක්ෂාවක් සපයා ඇති අතර බන්ධනාගාර ජේලර්වරයෙකු යටතේ එය සිදු වනවා. 

මීට අමතරව බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ද ආරක්ෂාවට යොදා සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.