Friday, September 20, 2024

General line - 0115112241

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වරදකරුවන්ට තරාතිරම නොබලා ඳඩුවම් ලබාදෙනවා




මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුත් පරීක්ෂණයක් සිදු වෙමින් ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. ඔහු කියා සිටියේ වරදකරුවන්ට තරාතිරම නොබලා ඳඩුවම් ලබාදෙන බවයි. 

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ හෝමාගම ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. 

බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් මෙරට මූල්‍ය තත්වයට සිදුව ඇති බලපෑම් පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය ඊයේ අනාවරණයක් සිදු කළා.

2015 වසරේ දී ඩොලරයට රුපියල් 130 ක් ගෙවීමට සිදු වුවද අද වනවිට ඩොලරයට රුපියල් 155ක් පමණ ගෙවීමට සිදුව ඇති බව අමාත්‍ය පාඨලී චමිපික රණවක ද ප‍්‍රකාශ කරනවා. 

ඔහු පෙන්වා දෙන්නේ අපනයන වැඩි කර ගැනීම, විදෙස් සංචිත වැඩිකර ගැනීම සඳහා විදෙස් ආයෝජන ලබා ගැනීම සහ විදේශ විනිමය ලබා ගැනීම පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකළහොත් රුපියල තවත් අවප‍්‍රමාණය වනු ඇති බවයි.