Friday, September 20, 2024

General line - 0115112241

දුම්රියක් පීලි පැනීමෙන් කොළඹ කොටුව හා මරදාන අතර දුම්රියට ධාවනයට බාධා




කොළඹ කොටුව හා මරදාන අතර දුම්රියට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. 

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙම තත්වය හට ගැණුනා. 

තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රිය, මාළිගාවත්ත දුම්රිය අංගනය දක්වා ධාවනය කිරීමේ දී පීලිපැනීමට ලක් වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. 

එය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදු වනවා. මේ හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ප‍්‍රමාදයක් සිදු විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.