Saturday, September 21, 2024

General line - 0115112241

විමල් රෝහල්ගත කිරීමේදී රෝහල අවට උණුසුම් තත්ත්වයක් (VIDEO)




පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණා.

ඔහු ජාතික රෝහලට රැගෙන එන අවස්ථාවේදී ඒ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ද හටගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ගිලන් රථයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පිටතට ගැනීමට කටයුතු කිරීමේදී ඒ අවට රැස්ව සිටි පිරිස් අතර තෙරපීමක් ඇතිවීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබුණා. මේ හේතුවෙන් රෝහල් කාර්යමණ්ඩලයට මන්ත්‍රිවරයා වාට්ටුවට ඇතුළත් කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.

ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් උපවාසයේ නිරත මන්තී‍්‍රවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවු බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මන්ත‍්‍රීවරයාගේ සුවදුක් විමසීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ද ජාතික රොහලට අද (29) පැමිණියා.

විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයාට ද කරුණු පැහැදිළි කරන බවයි අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.