Saturday, September 21, 2024

General line - 0115112241

කාටූන් බලන කුකුළෙක් (VIDEO)




රූපවාහිනිය නරඹන කුකුළෙකු පිළිබඳව පුවතක් හෙම්මාතගම, පෙතිගම්මන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පෙතිගම්මන පදිංචි එම්.ඒ. සෙනවිරත්නගේ නිවසේ මෙම කුකුළා සිටින අතර එම කුකුළා වැඩි පුරම ප්‍රියතාවයක් දක්වන්නේ කාටූන් වැඩසටහන් නැරඹීමටයි. 

මාස 8ක පමණ සිට රූපවාහිනිය නැරඹීමට නිරායාසයෙන්ම පුරුදු වූ බව පැවසෙන මෙම කුකුළා රූපවාහිනියේ හඬ හා ගුවන් විදුලියේ හඬ හොඳින් වෙන් කර හඳුනන බවයි පැවසෙන්නේ.

ඒ අනුව මෙම කුකුළා රූපවාහිනිය ක්‍රියාත්මක කළ විට නිවස තුළට පැමිණ රූපවාහිනිය නැරඹීමට පුරුදුව සිටිනවා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)