Saturday, September 21, 2024

General line - 0115112241

බදියුදීන් මුස්ලිම් ජනතාවත් නොමග යවමින් කැලේ කපනවාලු




මෙරට පරිසර පද්ධතිය විනාශ කිරීම සඳහා රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා නීත්‍යානුකූල බලයක් ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බව ජාතික පරිසර එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පෙන්වා දෙන්නේ මුස්ලිම් ප‍්‍රජාව නොමග යැවීමට අමාත්‍ය රිෂාඞ් බදියුදීන් කටයුතු කරමින් සිටින බවයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර 05 ක් එකතු කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එය අවලංගු කරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ප‍්‍රජාව විරෝධතාවලට යොමු කිරීමට රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා උත්සහ දරණ බවයි පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ප‍්‍රකාශ කළේ.

දැනට සංරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති මෙම රක්ෂිත වනාන්තර පහ ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද උන්වහන්සේ මෙහිදී කියා සිටියා.