Saturday, September 21, 2024

General line - 0115112241

ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව ගිල ගනී




ඉන්දීය ඛණිජ තෙල් සමාගම විසින් ත‍්‍රීකුණාමලයේ පිහිටි රජයට අයත් සියලුම තෙල් ටැංකි පරිහරණය කරමින් සිටින බව ලංකා ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහි කැඳවුම්කරු ඞී. ජේ. රාජකරුණා සඳහන් කළේ  මේ හේතුවෙන් වසරකට ඛණිජ තෙල් සංස්ථාව රුපියල් මිලියන නවසියයක පමණ පාඩුවක් ලබන බවයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වසා දමා මෙරට ඉන්ධන සම්බන්ධ සියලු කටයුතු ඉන්දීය ඛණිජ තෙල් සමාගමට ලබාදීමේ කුමන්ත‍්‍රණය මේ හරහා ක‍්‍රියාත්මක වන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

මෙතෙක් කල් ඔවුන් පරිහරනය කරමින් සිටියේ මුහුද පැත්තේ ඇති තෙල් ටැංකි 14 ක් පමණක් බවත් දැන් අනෙක් පස ඇති ටැංකි 85 ද පරිහරණය සඳහා නවීකරණ සිදු කරමින් ඇති බවත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් සඳහන් කළා.