Saturday, September 21, 2024

General line - 0115112241

පිරිසක් පැමිණ විහාරයක සියලු බුද්ධ ප්‍රතිමා විනාශ කර පළා යයි (VIDEO)




පෞරණික විහාරස්ථානයක තිබූ සියලුම බුද්ධ ප‍්‍රතිමා වහන්සේලා කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා තිබෙනවා.

අවිස්සාවේල්ල දීගල ප‍්‍රදේශයේ මම විහාරස්ථානය පිහිටා තිබෙනවා.

කඩා විනාශ කර ඇති ප්‍රතිමා අතරට අටවිසි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ද ඇතුළත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මෙම ප‍්‍රහාරය සිදු වනවිට කිසිඳු භික්ෂූන් වහන්සේ නමක් විහාරස්ථානයේ වැඩ සිට නොමැති බවටද වාර්තා වනවා.

විහාරස්ථානයේ පහසුකම් ප‍්‍රමාණවත් නොවීම ඊට හේතුවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් දැරණියගල ශ‍්‍රී අභිනවාරාම පුරාණ විහාරස්ථානයේ වැඩවසන පූජ්‍ය අවිස්සාවේල්ලේ වගශ‍්‍රී වජිරවංශතිස්ස හිමියන්ගෙන් විමසා සිටියා. 

මෙලෙස විහාරස්ථානයට හානි කර ඇත්තේ කුමන් හේතුවක් මතදැයි අනාවරණ වී නොමැති බවයි උන්වහන්සේ සඳහන් කළේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධියට වගකිව යුතු කිසිඳු පාර්ශවයක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. 

(වීඩියෝව පහතින් දැක්වෙයි)