Saturday, September 21, 2024

General line - 0115112241

රැකියා ගන්න දේශපාලකයන් පස්සෙ යන ක්‍රමය ගැන ජනපති කියයි




රැකියා නොමැති උපාධිධාරීන්ගේ ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

2017 ජාතික යොවුන්පුරය සමාප්ති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නිසි ඇගයීමක් හෝ සැලැස්මකින් තොරව උපාධිධාරීන්ට රැකියා ලබාදීම නිසා ඔවුන් ගැටළු රැසකට මුහුණ දී සිටින බවයි. 

රැකියා ලබා ගැනීම සඳහා දේශපාලඥයින්ගේ සහය ලබාගැනීමේ ක‍්‍රමවේදය සම්පූර්ණයෙන් අවසන් කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.