Saturday, September 21, 2024

General line - 0115112241

කෝටි 13 ක මත්ද්‍රව්‍ය අරං යාත්‍රාවක් එයි




හෙරොයින් බවට සැක කෙරෙන මත්කුඩු තොගයක් සමග ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු උතුරු මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව විසින්.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ සඳහන් කළේ සැකකරුවන් සතුව තිබී මත් කුඩු කිලෝ 13 යි ග‍්‍රෑම් 500 ක් සොයා ගැණුනු බවයි.

එහි වටිනාකම රුපියල් කෝටි 13 කට අධික බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ. අදාළ ඉන්දීය ජාතිකයින් පැමිණි යාත‍්‍රාව ද නාවික හමුදා භාරයට ගැණුනා. සැකකරුවන් හා මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතයි.