Tuesday, April 30, 2024

General line - 0115112241

කන්ටේනරයක් පෙරලීමෙන් අවහිරවූ කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට




කොළඹ මහනුවර ප‍්‍රධාන මාර්ගයේ තොරණ හන්දිය අධිවේගී මාර්ගයට පිවිසෙන විකල්ප මාර්ගය අසල දී කන්ටේනර් රථයක් පෙරලී යාමෙන් රථ වාහන ධාවනයට එල්ල වූ බාධා මේ වනවිට ඉවත්කර තිබෙනවා.

එම අනතුර හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගයේ කොළඹ දෙසට එක් මංතීරුවක රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. 

අද අලූයම පහට පමණ මෙම අනතුර සිදු වුණා. 

පසුව කන්ටේනර් රථය ඉවත් කර මාර්ගයේ ගමනා ගමනය යථා තත්ත්වයට පත් කළ බවයි පොලිස් මූලස්ථානය ප‍්‍රකාශ කළේ.