Sunday, September 22, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් 16 වැන්න පැසසුම් මැද අවසන් වෙයි (UPDATE)




නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 16 වැන්න පැසසුම් මැද ඊයේ (30) නිමාව දුටුවා. 

ඒ, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදීයි.

(සමාප්ති උත්සවයේ දී අදහස් දැක්වූ එම විද්‍යාලයේ විදුහල්පති ප‍්‍රියන්ති සමරසිංහ දැක්වූ අදහස් පහතින්.) 

ගත වූ දින කිහිපයේ දී සිය දරු දැරියන් සැබවින්ම වෙනස් වූ බව මව්පියන් ද කියා සිටියා. 

මේ අතර නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම මේ දිනවල සිදු වනවා. මෙම වැඩසටහන ඔබේ පාසලටත් ගෙන්වා ගැනීම සඳහා ඔබ කළ යුත්තේ පාසලේ නම සහ සම්බන්ධීකාරකවරයෙකුගේ දුරකතන අංකය සමග 077 200 18 65 අංකයට SMS පණිවිඩයක් යොමු කිරීමයි. 

 

--------------------------------------

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ දූ දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

(2017-04-30 12:52)

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින කඳවුර අද (30) පස්වරුවේ අවසන් වනවා.

ඒ අනුව වැඩමුළුවට සහභාගී වූ දරුවන්ගේ දෙමව්පියන් වෙනුවෙන් අද පස්වරුවේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතයි.

-----------------------------------

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ නායකත්ව පුහුණු වැඩසටහනේ පළමු දිනය සාර්ථකව අවසන්

(2017-04-30 21:00)

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින පුහුණු කඳවුරේ පළමු දිනය අද (29) රාත‍්‍රියේ සාර්ථකව නිමාවට පත් වුණා.

ඊට එක් වූ දරු දැරියන්ට ගිණි මැල සංදර්ශනයකට සහභාගි වීමට ද අද රාත‍්‍රීයේ අවස්ථාව හිමි වුණා.

(එම වැඩසටහන පිළිබඳ පාසලේ කිහිප දෙනෙකු දැක්වූ අදහස් පහතින් දැක්වෙයි)

(මෙම වැඩසටහනට එක්ව සිටින සිසුන් කිහිප දෙනෙකු ද පළ කළ අදහස් පහතින්) 

---------------------------------------

නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන  වැඩසටහනක් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී

(2017-04-29 07:11)

නෙත් නිවුස් සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින කඳවුර හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී අද (29) අලූයම ආරම්භ වුණා. 

ලියාපදිංචි කිරීමේ කටයුතුවලින් අනතුරුව මේ වනවිට පැවැත්වෙන්නේ ශාරීරක අභ්‍යාස සඳහා වූ සැසියයි. 

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණා. 

ඊට සමගාමීව විභාග ජය ගැනීම පිළිබඳ විශේෂ සම්මන්ත‍්‍රණයක්ද පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. 

පාසලේ සිසුන් වෙනුවෙන් හඬ පරීක්ෂණයක් ද පැවැත්වුණා.