Sunday, September 22, 2024

General line - 0115112241

ගාස්තු වැඩි නොකර ජලය දෙන්න බැහැ - ඇමති කියයි




නල ජලය සැපයීම පවතින ගාස්තු යටතේ දිගින් දිගටම සිදු කළ නොහැකි බව නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

කුරුණෑගල ප‍්‍රදේශයේ පැවති උත්සවකය දී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ "අපි ජනතාවට ජලය ලීටර් 1000 ක් ලබා දෙනවා රුපියල් 12 කට. මේක විහිළුවක්. මේක දිගටම කළ නොහැකියි. ගග දිගේ යන වතුර අපි නිකම්ම අරං දෙන්නේ නැහැ. කෙලින්ම ටැප් එකෙන් බොන්න පුළුවන් විදිහට පිරිපහදු කරලයි දෙන්නේ. ඒකට විශාල වියදමක් යනවා. පොළව යට තියෙන නල පද්ධතිවල හැමදාම පිපිරීම් සිදු වෙනවා. මේ සියල්ල එක්ක ජල ගාස්තුව වැඩි කරන්න යන්න වෙනවා. මේක විශාල අපරාධයක් ලෙස දකින්න එපා." යනුවෙනි.