Sunday, September 22, 2024

General line - 0115112241

"ජනපති කිව්වේ හමුදා නිලධාරීන්ට දේශපාලනය ගැලපෙන්නේ නැහැ කියලයි "




හමුදා නිලධාරීන්ට දේශපාලනය නොගැලපෙන බව ජනාධිපතිවරයා ද තේරුම් ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

බදුල්ල හාලිඇල ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මීට පෙර ද මෙරට දේශපාලන ඉතිහාසයෙන් ඊට උදාහරණ පවතින බවයි.

ඉකුත්දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා අමාත්‍ය සරත් ෆොන්සේකාට ඒ සම්බන්ධයෙන් ඉඟියක් ද ලබා දුන් බවයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සඳහන් කළේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "දේශපාලනයයි හමුදා පාලනයයි කියන්නෙ දෙකක්. ඒ නිසා තමයි මේ රටේ මිනිස්සු හමුදාවේ ඉඳලා ඇවිත් ඡන්දෙ ඉල්ලුවාම වරක් පරාජය කලේ. ජනාධිපතිතුමාත් කැබිනට් රැස්වීමෙදි විහිළුවක් කරලා ඒ නිසා තමයි සරත් ෆොන්සේකාට කිව්වේ ඔයා දේශපාලනයෙන් අයින් වෙලා හමුදාවටම යනවා නම් හොඳයි කියලා. හමුදාවේ ඉන්නකොට ඒගොල්ලො දක්ෂයෝ. ඒක සරත් ෆොන්සේකාටත් පොදුයි..ගෝඨාභය රාජපක්ෂටත් පොදුයි.. අනිත් අයටත් එහෙමයි. හැබැයි ඒ අය දේශපාලනයට ආපුවාම නිකං නෙමෙයි හොඳටම ෆේල්." යනුවෙනි.