Sunday, September 22, 2024

General line - 0115112241

ලොකුම මැයි රැළියට පක්ෂ තුනක් ලොකු සටනක




කම්කරු දිනය වෙනුවෙන් ප‍්‍රධාන දේශපාලන පක්ෂ විසින් සංවිධානකර ඇති පෙළපාළි තව නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු දින රැළිය පැවැත්වෙන්නේ මහනුවරදීයි. ස්ථාන දෙකකින් ආරම්භ වන පෙලපාළි, රැළිය පැවැත්වෙන භූමියට පැමිණිමට නියමිතව තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ මේ සඳහා සහභාගී වීමට ඊයේ (30) සිටම පිරිස් පැමිණෙමින් සිටි බවයි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු දින රැළිය හේතුවෙන් මහනුවර නගරයේ විශේෂ ධාවන සැලැස්මක්ද ක‍්‍රියාත්මක වනවා. ආරක්ෂාවද දැඩි කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ. 

එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ කම්කරු දින රැළිය පැවැත්වෙන්නේ කොළඹ ගාලුමුවදොර පිටියේදීයි.

ජනතා විමුක්ති පෙරමුණේ කම්කරු දින රැළිය කොළඹ බි ආර් සි පිටියේදී පැවැත්වෙනු ඇති.

එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින රැළියට සූදානම පිළිබඳ නෙත් නිවුස්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට ලක්ෂ දෙකක පමණ ජනතාවක් කොළඹට ඇදෙමින් ඇති බවයි. මෙම රැළිය මැයි දින රැළිවලින් අති විශාලතම ජනතාවක් සහභාගි වන මැයි රැළිය වන බවත් සඳහන් කළා.

මේ අතර, කවුරුන් කුමක් කිවත් ශ‍්‍රී ලංකා ඉතිහාසයේ විශාලම කම්කරු දින රැළිය ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය සඳහා ද මේ වන විටත් පිරිස් පැමිණෙමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිළ සඳහන් කළේ.