Saturday, September 21, 2024

General line - 0115112241

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට (PHOTOS)




වෙඩිතලතිව් මුහුදු සීමාවේ තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සිදුකළ මෙහෙයුමකදීයි. 

ධිවර කටයුතු සඳහා යොදා ගත් කුඩා යාත‍්‍රා සහ තහනම් දැල් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

සැකකරු මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.