Friday, May 10, 2024

General line - 0115112241

ශාලික සන්තුෂ් යොවුන් ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබයි




මීටර් 200 ඉසව්වෙන් ලෝක ශූරතා යොවුන් මළල ක‍්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට ශ‍්‍රී ලංකාවේ ශාලික සන්තුෂ් සමත් වී තිබෙනවා. 

ඒ, ආසියානු යොවුන් තරගාවලියේ මීටර් දෙසිය මූලික ඉසව්වෙන් තුන්වන ස්ථානය හිමිකර ගනිමින්. 

එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය තත්පර විසිදෙකයි දශම බින්දුවයි බින්දුවක්. 

එය මීටර් දෙසියය ඉසව්වේ ඔහුගේ පුද්ගලික හොඳම දක්ෂතාවයයි. 

ඒ අනුව ශාලික සන්තුෂ් ආසියානු යොවුන් මළල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් දෙසිය ඉසව්වේ අවසන් පූර්ව තරගටය ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.