දිස්ත්රික්ක 07කට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම තවත් පැය 24ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා. රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට හා නුවරඑළිය එම දිස්ත‍්‍රික්ක 07යි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ වර්ෂාපතනය ඉදිරි පැය 24 තුළ ද අඛණ්ඩව පැවතුනහොත් නායයාමේ අවදානම් සහිත කඳ බෑවුම්වලින් ජනතාව ඉවත් විය යුතු බවයි.