Friday, May 10, 2024

General line - 0115112241

අයි සී සී ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද




අයි සී සී ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තවත් පුහුණු තරගයක් අද (29) පැවැත්වෙනවා. 

ඒ,  ඕස්ටේ‍්‍රලියාව සහ පකිස්තානය අතරයි. ශ‍්‍රී ලංකාව සහභාගී වන දෙවන පුහුණු තරගය හෙට පැවැත්වෙනවා. 

ඒ, නවසීලන්තය සමඟයි. 

ශ‍්‍රී ලංකාව අවසන් වරට 2013 වසරේ පැවති ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුණා. 

ශ‍්‍රී ලංකාව මෙවර තරග වදින්නේ බී කාණ්ඩය යටතේයි. 

දකුණු අප‍්‍රිකාව, ඉන්දියාව සහ පකිස්තානය බී කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වනවා. 

අයි සී සී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ලබන පළමු වනදා ආරම්භ වනවා.