Friday, May 10, 2024

General line - 0115112241

පෙත්සම විසිවෙයි - නිළවරණය හෙට ඇරඹෙයි




හෙට (30) පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමයේ මහ සභා රැස්වීම සහ නිළවරණයට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම කොළඹ දිසා අධිකරණය විසින් අද (29) ප‍්‍රතික්ෂේප කළා.

උප සභාපති ධුරය සඳහා නාම යෝජනා භාර දී ඇති ඇතැම් අපේක්ෂකයින් ක‍්‍රීඩා පනතේ නව නීතිවලට අනුව සුදුසුකම් සපුරා නොමැති බව සඳහන් කරමින් ජාතික මට්ටමේ පුහුණුකරුවන් දෙදෙනෙකු විසින් ඉකුත් සිකුරාදා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

වාරණ නියෝගයක් පැනවීමට තරම් අවශ්‍ය සාධක පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත්කර නොමැතිවීම නිසා මෙම පෙත්සම නිෂ්ප‍්‍රභා කිරීමටයි කොළඹ දිසා අධිකරණය තීරණය කළේ.

ඒ අනුව, මළල ක‍්‍රිඩා සංගමයේ මහ සභා රැස්වීම සහ නිළවරණය හෙට උදැසන 09.00 ට කොළඹ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන ශ‍්‍රවණාගාරයේ පැවැත්වෙනු ඇති.