විපතට පත් වුවන් වෙනුවෙන් අද (30) සිය දහවල් ආහාරය අතහැරීමට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් තිරණය කර තිබෙනවා.
ඒ අනුව, රැඳවූවන් වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ අද පිළියෙල කෙරෙන දහවල් ආහාරය විපතට පත් වූවන් සඳහා ලබා දෙනු ඇති.
මේ සමග අමතර ආහාර ප්රමාණයක්ද පිළියෙළ කර විපතට පත් වූවන් සඳහා ලබා දෙන බව බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්යංශය කියා සිටියා.
පිළියෙළ කිරිමට අපේක්ෂිත මුළු ආහාර පාර්සල් ගණන 6000 ක්. විපතට පත් වූවන්ට බෙදා දීම සඳහා එම ආහාර පාර්සල් ශ්රී ලංකා ගුවන් හමුදාවට භාර දෙන බවද බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්යංශය පැවසුවා.