Sunday, September 8, 2024

General line - 0115112241

සනත්ට තවත් එකක් අහිමි වෙයි




ශ‍්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය තැබූ වාර්තාවක් අද (01) බිද වැටුණා. ඒ එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙ දැන් පැවැත්වෙන බංග්ලාදේශ සහ එංගලන්තය අතර තරගයේදීයි. 

ලන්ඩනයේ කෙනින්ටන්  ඕවල් ක‍්‍රීඩාංගණයේ ආරම්භක පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට සනත් ජයසූරිය හිමිකම් කීවා. ඒ ලකුණු 122ක් රැස් කරමින්. එංගලන්තයට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ දී ලකුණු 128ක් රැස් කරමින් බංග්ලාදේශයේ තමීම් ඉක්බාල් අද එම වාර්තාව බිඳ දැමුවා. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 06ක් දැවී ලකුණු 305ක් ලබා ගැනීමට සමත් වුණා.