Sunday, September 8, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවෙන් එක් වරම වාර්තා තුනක් බිහි වෙයි (PHOTOS)




හෙට පැවති මළල ක‍්‍රීඩා තේරීම් තරගවලදී නව ශ‍්‍රී ලංකා වාර්තා තුනක් බිහි වුණා. 

ඉන් එක් ශ‍්‍රී ලංකා වාර්තාවකට හිමි කම් කීවේ යගුලිය විසි කිරීමේ ශූර චරිත් කපුකොටුවයි. 

ඔහු හෙට පැවති තේරීම් තරගවලදී මීටර් 17 යි දශම පහයි පහක දක්ෂතාවක් දැක්වූවා. 

ඉෂාර සඳරුවන් පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටවූයේ මීටර් 05 යි දශම එකයි එකක දක්ෂතාවක් වාර්තා කරමින්. යාපනයේ ජේ අනිතා කාන්තා රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටවූවා. 

හෙට පැවති තේරීම් තරගවලදී ඇය දැක්වූ දක්ෂතාව මීටර් 03 යි දශම හතරයි හයක්. 

මෙම තේරීම් තරග දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

3 New Sri Lanka Records. 01.Ishara Sandaruwan - Pole voult - 5.11 02. Charith Kapukotuwa - Shot Put - 17.55 03. J. Aneetha - Pole voult - 3.46