Friday, October 18, 2024

General line - 0115112241

අයි සී සී ශූරයන්ගේ තරගාවලියේ  ඉතිහාසගත තරඟයක් අද




අයි සී සී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (02) පැවැත්වෙනවා. 

ඒ නවසීලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව අතරයි. 

මෙම කණ්ඩායම් දෙකම පුහුණු තරගවලදී ශ‍්‍රී ලංකාව පරාජයට පත්කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

ඔස්ටේ‍්‍රලියාව 2006 සහ 2009 වසරවල දී ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට ද පත් වුණා. 

නවසීලන්තය 2000 වසරේදී එහි ශූරතාව දිනා ගෙන තිබෙනවා. 

මේ අතර ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ඔස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය මේ දක්වා තරග 21ක බැගින් සහභාගි වී තිබෙනවා. 

එම කණ්ඩායම් දෙකම ඉන් තරග 12 බැගින් ජය ගෙන තිබීම ද විශේෂත්වයක්.

ඔස්ටේ‍්‍රලියාව මේ වනවිට අයි සී සී එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ පසුවන්නේ දෙවැනි ස්ථානයේයි. 

නවසීලන්තයට එහි සිව් වන ස්ථානය හිමිව තිබෙනවා. 

අද තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03 ට පමණ ආරම්භ වීමට නියමිතයි.