Monday, April 29, 2024

General line - 0115112241

දිරිය නෙත් තවත් සමාජ සත්කාරයක් අද තලාවේදී (PHOTOS) - (UPDATE)




දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ සිදු කරන තවත් ව්‍යාපෘතියක් අනුරාධපුර තලාව ප‍්‍රදේශයේ දී අද (05) ආරම්භ වුණා. 

ඒ, වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජල පහසුකම් සැපයීම වෙනුවෙන්. 

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.  



















--------------------------------------------

(04-06-2017 5.00PM)

ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට දිරියක් වෙමින් ක‍්‍රියාත්මක දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ පැවැත්වෙන වෛද්‍ය කඳවුර අද (04) සාර්ථකව පැවැත්වුණා. ඒ, ගැටහැත්ත මාරඹේ සිද්ධාර්ත මහා විද්‍යාලයේදීයි. 

පීඩාවට පත්වූ ජනතාවගේ සෞඛ්‍ය ගැටළු හදුනාගෙන ඔවුන්ට ප‍්‍රතිකාර සේවා ලබාදීමට එහි දී හැකිවුණා.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් සහනාධාර බෙදා දීමේ වැඩසටහනක් ද දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ ක‍්‍රියාත්මක වුණා. ඒ වදුරඹ සහ අකුරැස්ස යන ප‍්‍රදේශවලදීයි. 

-------------------------------------

(02-06-2017 / 10.55AM)

විපතට පත් පිරිසට දිරිය නෙත් සහන සත්කාර යටතේ ද අදත් ප‍්‍රදේශ කිහිපයකදී ආධාර බෙදා දුන්නා. 

කළුතර දිස්ත‍්‍රික්කයේ නාගොඩ, දොඩන්ගොඩ, අගලවත්ත, මෝල්කාව යන ප‍්‍රදේශවලදී ද ආධාර බෙදා දුන් බවයි දිරිය නෙත් සහන සේවා කණ්ඩායම පැවසුවේ. 

මාතර දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකදී ද ආධාර බෙදා දීම සිදු කෙරුණා. මාතර නගර සභාව, ගැටඹරු රජමහා විහාරය සහ පිටබැද්දර මධ්‍ය මහා විද්‍යාලය එම ස්ථාන කිහිපයක්. 

ඉකුත් දින කිහිපය පුරා දිරිය නෙත් සහන සත්කාරය වෙනුවෙන් රට පුරා පරිත්‍යාගශීලි ජනතාවගෙන් ඉහළ සහයෝගයක් ලැබුණා.

ඔවුන්ගෙන් ලැබුණු පරිත්‍යාග අවශ්‍යතා සහිත තැනැත්තන් හදුනාගෙන එම පිරිස් වෙතම ලැබෙන පරිදි විධිමත්ව බෙදා දීම දිරිය නෙත් සහන සත්කාරයේ විශේෂත්වයයි. 

මේ අතර දිරිය නෙත් සමාජ සත්කාර යටතේ ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල සෞඛ්‍ය කඳවුරු පැවැත්වීමට ද කටයුතු කරමින් සිටිනවා. 
එවැනි සෞඛ්‍ය කඳවුරක් ඇහැලියගොඩ ප‍්‍රදේශයේ හෙට පැවැත්වීමට නියමිතයි.