Sunday, November 10, 2024

General line - 0115112241

ඇමති විෂය බෙදීම තවත් අවසන් නෑ - මහපොලත් රවීට යන ලකුණු 




මහපොල භාරකාර අරමුදල ද විදේශ කටයුතු අමාත්‍යංශයට පැවරීමට නියමිත බව වාර්තා වනවා. 

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඉදිරි සතිය ඇතුළත එම අරමුදල විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරෙනු ඇති බවයි. 

දැනට මහපොළ භාර කාර අරමුදල පවතින්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු  අමාත්‍යංශය යටතේයි. 

මේ අතර ඉකුත්දා සිදු කෙරුණු කැබිනට් සංශෝධනයට අනූව අමාත්‍යංශ 04කට අයත් විෂය පථයන් ඊයේ රාත‍්‍රීයේ නිකුත් කෙරුණා. 

මුදල් හා ජන මාධ්‍ය, විදේශ කටයුතු , සංවර්ධන කාර්ය භාර සහ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු යන අමාත්‍යංශවල විෂය පථයන් එලෙස ගැසට් කර තිබෙනවා. 

එමගින් මුදල් අමාත්‍යංශය යටතේ තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරීම විශේෂත්වයක්.


මේ අතර ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කර විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පැවරීම ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට පටහැනි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ අවස්ථා කිහිපයකදී අමාත්‍යංශ විෂයන් වෙන් කිරීමේදී මෙම තත්ත්වය දක්නට ලැබුණු බවයි.