මෙරට ක‍්‍රියාත්මක ආහාර පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් අදහස් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනූව සංවිධාන, ආයතන සහ පුද්ගලයින්ට මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වනවා.
සිය අදහස් ජූලි මස 31 වැනි දිනට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කළ හැකියි.
එමෙන්ම [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ ද අදහස් පළ කළ හැකි බවයි ආහාර පාලන පරිපාලන ඒකකය සඳහන් කළේ. මේ වනවිට ක‍්‍රියාත්මක වන්නේ 1980 අංක 26 දරන ආහාර පනතයි.