Saturday, July 27, 2024

General line - 0115112241

ළමා ශ‍්‍රමයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි




ගැටුම් සහ ආපදාවන්හි ප‍්‍රතිඵලයක් ලෙස ළමයින් ශ‍්‍රමිකයින් වීම වළක්වමු යන්න මෙවර එහි තේමාවයි. 

ළමා ශ‍්‍රමිකත්ව ගැටළුව තුරන් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩසටහන් කිහිපයක් මේ වනවිට ක‍්‍රියාත්මක කර ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ. 

කිසියම් ළමයෙකු ශ‍්‍රමිකයෙකු ලෙස භාවිත කරන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1929 ශ‍්‍රී ලංකා ළමා දුරකතන සේවය අමතන ලෙසටයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.