අද දිනයේ තමන්ට හමුවන ප්‍රතිවාදී කණ්ඩායම භයානක කණ්ඩායමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිවිස් පවසනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාව වන්නේ ප්‍රතිවාදී පකිස්තානය පරාජය කර බී කාණ්ඩයේ පළමු කණ්ඩායම දෙක අතරට පත්වීම බවයි ඔහු කියා සිටින්නේ.
ඒ, අද පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්තාන තරගයට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
මූලික වටයේ තරගයක් වුව ද එහි තීරණය අතිශ්‍ය වැදගත් බැවින් කණ්ඩායම් දෙකටම පීඩනයක් ඇති බවයි මැතිව්ස් පවසන්නේ.
එහෙත් කණ්ඩායමක් වශයෙන් කළ හැකි දේ සහ කළ යුතු දේ කිරීම අද තරගයේ අපේක්ෂාව බව ද ශ්‍රී ලංකා නායකයා පවසා තිබෙනවා.
ශ්‍රී ලංකා පකිස්තාන තීරණාත්මක තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට පමණ ආරම්භ වීමට නියමිතයි.
බොහෝ දුරට තිසර පෙරේරා අද තරගයට ක්‍රීඩා කරනු ඇති බව පැවසුව ද ලක්ෂාන් සඳකැන් කෙරෙහි ද අවදානය යොමුව ඇති බව සඳහන්.
කුසල් ජනිත් පෙරේරා වෙනුවට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ධනංජය ද සිල්වායි.
දකුණු අප්‍රිකාව පැරදවූ පාකිස්තාන කණ්ඩායම සංශෝධනයකින් තොරව අද තරගයට ක්‍රීඩා කරනු ඇති.