Thursday, May 2, 2024

General line - 0115112241

වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාරවිලදී සොයා ගැනේ




වෙඩි වැදීමකින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාරවිල - මුදුකටුව කීනකැලේ වතුයායේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා. 

අද අලූයම ප්‍රදේශවාසීන්ට වෙඩි ශබ්ද දෙකක් ඇසී ඇති අතර ඒ අනූව සිදු කළ සොයා බැලීමකදීයි මළ සිරුර සොයා ගෙන ඇත්තේ. 

මියගොස් ඇත්තේ කුලියාපිටිය පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි හැට එක් හැවිරිදි පුද්ගලයෙක්. 

ඔහු කීනකැටිය වතුයායේ කළමනාකරු ලෙස සේවය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

මළ සිරුර අසල තිබී ගිණි අවියක් ද සොයා ගැණුනා. 

මාරවිල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.