Saturday, December 28, 2024

General line - 0115112241

නියමිත දිනට පසුව එවන අයදුම්පත් භාර නොගැනේ




2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම මේ මස 15 වැනි දායින් පසුව අවසන් වනවා.

ඒ අනුව මෙවර විභාගයට පෙනී  සිටීමට නියමිත පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් මගින් සිය අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෞද්ගලික අයදුම්කරුවන් නියමිත විභාග ගාස්තු තැපැල් කාර්යාලයකට ගෙවා ලබාගත් කුවිතාන්සිය අදාළ ස්ථානයේ අලවා, නිසි පරිදි  සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු වනවා.

නියමිත දිනට පසුව එවන ලද අයදුම්පත් භාර නොගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.