Thursday, May 2, 2024

General line - 0115112241

කොල්ලයට එක් වූ උප පොලිස් පරීක්ෂකත් මාට්ටු




ගිනි අවියක් පෙන්වා අකුණු සන්නායකයක් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ බව කියන කිරුළපන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකදීයි.

අත්අඩංගුවට ගැණුනු උප පොලිස් පරීක්ෂකවරයා මීට පෙර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් සිව් දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.