Friday, September 20, 2024

General line - 0115112241

පාකිස්තානය ටිකෙන් ටික ඉලක්කයට කිට්ටු වෙයි (UPDATE)




ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය හඹා යමින් සිටින පාකිස්තාන කණ්ඩායම මේ වන විට කඩුලු 04 ක් දැවී පන්දුවාර 19 යි පන්දු 02 ක් අවසානයේ ලකුණු 110ක් ලබා සිටිනවා.

තවත් කඩුලු 06 ක් අතැතිව තරගය ජය ගැනීමට නම් පාකිස්තානුවන්ට තවත් ලකුණු 127 අවශ්‍යව තිබෙනවා. 

-------------------------------------------------

ශ්‍රී ලංකා ඉනිම නිමා වෙයි - ඉලක්කය හඹා යන්න පාකිස්තානය සූදානම්

(2017 - 06 - 12 18:54)

අයි සී සී ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ පකිස්තානය අතර තීරණාත්මක තරගය මේ වනවිට පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩාම පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගත්තේ ලකුණු 236 ක් පමණයි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 73ක් ලබා ගත්තා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39යි. ආරම්භයේ සිටම පකිස්තාන පන්දු යවන්නන් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන දුන්නා.

මේ අනුව පාකිස්ථානයට හිමිව ඇති ඉලක්කය ලකුණු 237 ක්.
 

------------------------------------

සිංහයන්ට පාකිස්තානුවන්ගෙන් දැඩි ප්‍රහාරයක් - ඉනිම රැක ගන්න ලොකු උත්සහයක

(2017 - 06 - 12 18:07)

ICC ශූරයන්ගේ කුසලානයේ පාකිස්තානය සමග තරග වදිමින් සිටින ශ්‍රී ලංකාව මේ වන විට දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා.

ඒ අනුව මෙම තීරණාත්මක තරඟය මේ වන විට දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබෙනවා.

කාසියේ වාසිය දිනූ පකිස්ථාන නායකයාගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 198 ක් රැස් කරගෙන සිටිනවා.

අද තරඟයේ සුවිශේෂ ඉනිමක් ක්‍රීඩාකළ නිරෝෂන් දික්වැල්ල පන්දු 86කදී හතරේ පහර 4 ක් සමඟ ලකුණු 73 ක් රැස්කරගත්තා.

ලකුණු 39ක් රැස්කරගෙ සිටි නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම අවසන් කිරීමට මොහොමඩ් අමීර් සමත්වුණා. 

ඒ ඔහු යොමුකළ පන්දුවක් පිත්තේ දැවටී කඩුල්ලේ වැදීමෙන්. 

මේ වන විට පාකිස්තාන පන්දු යවන්නන්ගේ දැඩි ප්‍රහාරයට ලක්ව සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් සිය ඉනිම ආරක්ෂා කර ගැනීමට දැඩි උත්සහයක නිරත වෙමින් සිටිනවා.