Friday, September 20, 2024

General line - 0115112241

පකිස්තාන නාවික හමුදාපති ශ්‍රී ලංකා නාවික හමුදාපති හමුවෙයි (PHOTOS)




තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්තාන නාවික හමුදාපති මොහොමඩ් ශකාවුල්ලා, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විෙජ්ගුරත්න හමුවුණා. 

ඒ, නාවික හමුදා මූලස්ථානයේදීයි. 

එහිදී සම්ප්‍රදානුකූලව ආචාර සම්මාන මුරයකින් පකිස්තාන නාවික හමුදාපතිවරයා පිළිගැණුනා. 

ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් දෙරටේ නාවික හමුදාපතිවරුන් අදහස් හුවමාරු කර ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. 

මෙම හමුව සනිටුහන් කරමින් එහිදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.