Friday, September 20, 2024

General line - 0115112241

කතරගම දේව පූජාවටත් අධිකරණ නියෝගයක් (PHOTOS)




රුහුණු මහා කතරගම දේවාලයේ තේවා කටයුතු සෑම වසරකම මාසයක කාලයක් රංජිත් පද්මසිරි අධිකාරම් නමැත්තාට ලබා දෙන්නැයි කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට රීට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. 

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

අදාළ රීට් ආඥාව රැගෙන පිස්කල් නිලධාරීන් රුහුණු මහා කතරගම දේවාලයට පැමිණිය ද එය භාර ගැනීමට බස්නායක නිලමේවරයා එහි සිට නැහැ. 

තමන්ට එය භාර ගැනීමට නොහැකි බව දේවාලයේ සිටි සෙසු නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ අනුව පිස්කල් නිලධාරීන් අදාළ රීට් ආඥාව බස්නායක නිලමේවරයාගේ දොරොහි අලවා ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.