Friday, September 20, 2024

General line - 0115112241

ඇමති ජෝන් කළ වැඩේට ජනපති තීන්දුවක් ගත යුතුයි




මාධ්‍යවේදියෙකුට බැණ තර්ජනය කරමින් අමාත්‍ය ජෝන් අමරතුංග හැසිරුණු ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා කිසියම් තීන්දුවක් ගත යුතු බව සමස්ථ ලංකා ජනමාධ්‍ය සම්මේලනය සඳහන් කරනවා. කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පවත්වමින් එහි සභාපති වසන්ත චන්ද්‍රපාල කියා සිටියේ ඒ සම්බන්ධයෙන් රජය කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගතහොත් සිය සටන ඉදිරියටත් ගෙන යන බවයි. 

වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයට කසල බැහැර කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට අමාත්‍ය ජෝන් අමරතුංග පසුගිය දිනක බැණ වැදුණා.