Friday, September 20, 2024

General line - 0115112241

ක‍්‍රීඩා පිටියක් වෙනුවෙන් බගවන්තලාවේ උද්ඝෝෂණයක් (PHOTOS)




බගවන්තලාව  ඕල්ඩි වතු යායේ වතු කම්කරුවන් පිරිසක් වතු පාලනාධිකාරියට එරෙහිව අද (16) උද්ඝෝෂණයක නිරත වුණා. 

ඒ එම වතුයායේ ක‍්‍රීඩාංගණයක් ඉදි කිරීමට වෙන් කර දී තිබූ ඉඩමක ඉදිකිරීම් ආරම්භ කිරීමේ දී වතු පාලනාධිකාරිය මගින් ඊට ඉඩ නොදීම හේතුවෙන්.

කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් ක‍්‍රීඩාංගණය ඉදිකිරීම සහා රුපියල් ලක්ෂ 05ක මුදලක් ද වෙන්කර තිබුණා. 

වතුකරයේ වෘත්තීය සමිතියක නායකයෙකුගේ ඉල්ලීමක් අනූව වතු පාලනාධිකාරිය ක‍්‍රීඩාංගණයේ ඉදිකිරීම් සඳහා ඉඩ නොදෙන බවටයි උද්ඝෝෂකයින් චෝදනා කළේ.