Friday, September 20, 2024

General line - 0115112241

කේරල ගංජා කිලෝ 141ක් මන්නාරමේදී අත්අඩංගුවට




ඉන්දියාවේ සිට බෝට්ටු මගින් රැගෙන ආ කේරළ ගංජා කිලෝ 141ක් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම සිලාවතුර මුල්ලිකුලම ප‍්‍රදේශයේ දී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ මුල්ලිකුලම නාවික හමුදා ක`දවුරේ නිලධාරීන් සහ මන්නාරම දිසා මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි. 

මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයකට අධික වන බවයි මන්නාරම පොලිසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.