Friday, September 20, 2024

General line - 0115112241

විකෘති කරන ලද මුදල් නොට්ටු සඳහා ගෙවීම් කිරීම නැවැත්වීමට මහ බැංකුව තීරණය කරයි




විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නොට්ටු සඳහා මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසු ගෙවීම් සිදු නොකරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 

එවැනි ක‍්‍රියා සිදු කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක් වනවා. 

එවැනි වරදකට සිරගත කිරීම හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම ඳඩුවම් දෙකම ලබා දිය හැකි බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

විකෘත්ති කරන ලද මුදල් නෝට්ටු සන්තකයේ තබා ගන්නන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදු වන බව ද එම නිවේදනයේ සඳහන්.