Friday, September 20, 2024

General line - 0115112241

වැල්ලවාය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු වැඩ තහනම්




වැල්ලවාය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ පොලිසියේ පැමිණිලි සටහන් කර ගන්නා පොත් 02ක් අස්ථාන ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. 

නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ අදාල පොත් දෙක මෙතෙක් සොයා ගෙන නොමැති බවයි. 

මේ අතර ඉංගිරිය පොලිසියට ස්ථානාධිපතිවරයෙකු ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් ඉංගිරිය නගර මධ්‍යයේදී අද උද්ඝෝෂණයක නිරත වුණා. 

ඊට එක් වූවන් පැවසුවේ ප්‍රදේශයේ සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමට කඩිනමින් මෙම පියවර ගත යුතු බවයි.