Friday, September 20, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ට එරෙහි සංධාන මන්ත්‍රීගේ තීරණය සිංහල ජනතාව අතට




උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි වී විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තමන් තීරණයක් ගන්නේ ප්‍රදේශයේ සිංහල ජනතාවගේ තීරණය අනූව බව උතුරු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ධර්මපාල සෙනවිරත්න පවසනවා. 

වව්නියාව දිස්ත්‍රික්කයෙන් උතුරු පළාත් සභාවට තේරී පත් වූ ඔහු පවසන්නේ විශ්වාස භංග යෝජනාවට සහය පල කළ තමන් අත්සන් නොකග බවයි. 

කෙසේ වෙතත් උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් පැවසුවේ ධර්මපාල සෙනවිරත්න මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයාට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවයි. 

එහෙත් ඔහු ප්‍රධාන අමාත්‍යවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බවයි විශ්වාස භංගයට පක්ෂ වූ පළාත් විපක්ෂ නායක වී ජයතිලක පැවසුවේ. 

මේ අතර සි වී විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය දෙකඩවීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.