Friday, September 20, 2024

General line - 0115112241

මහින්ද ඇතුළු 15කට විනය පියවර ගන්න නිදහස් පක්ෂය ප්‍රවේසම් වෙයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 15 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ සිදු කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුත්තක් බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. 

ඔහු මෙම අදහස් පළ කළේ පාතදුම්බර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

පක්ෂයේ විනය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සාමාන්‍ය දෙයක් බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ද ඊයේ ප්‍රකාශ කළේ පක්ෂයේ විනය කඩන පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණයකර ඇති බවයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 15 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කර ඇති බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා ද පල වී තිබුණා.