Friday, September 20, 2024

General line - 0115112241

ජාතිවාදී ඕනෑම පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම දඬුවම් හිමිවිය යුතු බව අකිල විරාජ් කියයි




ජාතිවාදය හා ආගම්වාදය අතර සංහිදියාව බිද දැමීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අද (18) දිනයේ ද විවිධ අදහස් පළ වුණා. 

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ වැරදි කරන ඕනෑම පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම දඬුවම් හිමි වන බවයි. 

ඒ කුලියාපිටිය ප්‍රදේශයේ අද පැවති උත්සවයකදීයි. 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඟවා ගෙන සිටින බවට පලවන වාර්තා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

අපි විශ්වාස කරන්නේ නෑ රජයේ අමාත්‍යවරයෙක් අධිකරණය බාරය තුළ ආරක්ෂක කරනවා කියලා. එහෙම වෙන්න පුඵවන්කමක් නෑ. එහෙම දෙනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදී. හැබැයි පැහැදිලිව කියනවා මේ රටේ ජාතිවාදය කාටවත් ඇතිකරන්න දෙන්න බෑ. අපි හැම ආගමක්ම ජීවත් වෙන්න ඕන.  පසුගිය  කාලයේ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න වුණේ, පසුගිය  කාලයේ රටේ සංවර්ධනය දශක ගානකින් ආපස්සට ගියේ සමහර ජාතිවාදීන්ගේ යම් යම් ක්‍රියාකලාප නිසයි. එය දැන් නිමාවට පත්ව තිබෙනවා.