Friday, September 20, 2024

General line - 0115112241

සමාජ ජාල පරීක්ෂා කරන්න පොලිසියෙන් විශේෂ කණ්ඩායමක්




සමාජ ජාල මාධ්‍ය පරිහරණය කරමින් ආගම් අතර හා ජාතීන් අතර සංහිදියාව බිද දමන පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි. 

ජාතීන් සහ ආගම් අතර සංහිදියාව කඩ කළ බව කියන පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

මුස්ලිම් ජාතිකයන් දෙදෙනයි. ද්‍රවිධ ජාතියයි. සිංහල ජාතිකයින් මේ සිද්ධින් වලට අඳාළව විමර්ශනයකින් පසුව පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට අරන් තිබෙනවා.  එම පිරිසට පොලිස් නිලධාරීයෙකුත් අතුළත්. බොදු බල සේනාවට සම්බන්ධය පිරිසිත් ඒ අතර සිටිනවා. 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල කෙරුණා. 

ඥාණසාර හිමියන්ව අත්අඩංගුවට ගැනීමට දැනට පරීක්ෂණ කෙරීගෙන යනවා. ඒ සම්බන්ධව යොදවා ඇති කණ්ඩායම ඒආකාරයෙන්ම කටයුතු කරගෙන යනවා. අධිකරණයකින් වරේන්තුවක් නිකුත් කර තිබියදී එම පුද්ගලයාව වෛතනාන්විතව  සඟවන්න උත්සහ කරනවා නම් ඔහුට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.